ඉතිරි සංවිධානවලත් තහනමත් ඉවත් කරනවා..! ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවේ පිහිටුවනවා..! – ජනපති…

August 17, 2022 at 10:12 am | by emanisa.lk

මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට නියමිත වූ හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි. හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමට එය අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීමක්ද නොමැති බැවින් අවකාශයක්ද ලබාදී නැත.

මේ අතර ජනපතිවරයා අද පැවැත්වූ කථාවේදී දන්වා සිටියේ දෙමළ ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඉදිරියේදී කටයුතු ගණනාවකට යොමු වන බවයි.

දැනට පවතින තහනම ඉවත්කිරීමට අමතරව ඉදිරියේදී තවත් සංවිධාන කිහිපයක තහනම ඉවත්කිරීම ගැනත් සලකා බලා ඇති බවත් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ඊයේ (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමින් ඔහු මෙම උදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අද වනවිට රට ගොඩනැගීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එකතුකරගන්නට තමා උත්සාහ කරනා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *