ඉක්මනින් system change වෙයි… පාසල් ළමුන්ට මාලිමාණ්ඩුව ගැන ප්‍රශ්න පත්‍රයක්…!

November 11, 2024 at 4:03 pm | by emanisa.lk

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පොදු පරීක්ෂණය සඳහා ලබා දුන් බව කියන ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

එහි පළමු ප්‍රශ්න 5 සඳහා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම, ඔහු ජනාධිපතිවරණයේ දී ලද ඡන්ද ප්‍රතිශතය, ජනාධිපති ලේකම්වරයා, අගමැතිනියගේ අමාත්‍යංශ, ජවිපෙ ආරම්භ වූ වර්ෂය ආදී ජාතික ජන බලවේගය සහ එම ආණ්ඩුව පදනම් කරගෙන විමසා තිබීම එයට හේතුවයි.

වර්තමාන අගමැතිනිය මෙන්ම අධ්‍යාපන ඇමැතිවරිය වන හරිනි අමරසූරිය දේශපාලකයන් පාසල් උත්සව සඳහා ආරාධනා කිරීමේ සම්ප්‍රදාය අහෝසි කරන බව ප්‍රකාශ කළ පසුබිමක මෙවැනි සිදුවීමක් වීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උත්ප්‍රාසයෙන් පවසා ඇත්තේ අධ්‍යාපනයේ නම් ලොකු පරිවර්තනයක් (system change) වන ලකුණු පහළ වී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *