එදා වේල ජීවත් වීමට අපහසු ජනාධිපති අපේක්ෂකයන් හතර දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මාතෘකා පාසලේ ලියූ නිසඳැස් කවි වැනි යැයි සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
රු. 2500-3000ක ඇස්වැසුම වෙනුවට ඔබේ පවුලට මාසිකව රු. ලක්ෂයක ආදායමක් උත්පාදනය කරන උපායමාර්ගික වැඩපිළිවෙළ තමන් රටට ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම කීය.
වැල් පාළමේ එල්ලී වැලේ වැල් නැතිව සිටින පිරිසට ගොන් කතා නතර කරන ලෙස ඉල්ලා සිටින බව ද ධනය නිර්මාණය කර ණය ගෙවන වැඩපිළිවෙළ තම උපායමාර්ගික සැලැස්ම ඔස්සේ රටට ඉදිරිපත් කර ඇති බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.
අද (14) බලපිටිය ප්‍රෙද්ශයේ පැවති සර්වජන බලය ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.