ඇවිදින පුස්තකාල කියල ABCDවත් බැරි පාපිස්සෝ දාලා රටක් හදන්න බෑ…! – අර්චුන් රාමනාදන්…

February 18, 2026 at 7:35 pm | by emanisa.lk

ඇවිදින පුස්තකාල යැයි ABCD හෝඩිය පවා නිවැරදිව කීමට නොහැකි පිරිසකට ආණ්ඩුව දී රට ගොඩනැගිය හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන් ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලක්ෂ 4කට අධික වැටුපක් සහ කාර්යමණ්ඩලයට ලක්ෂ තුනක් වෙන්කළද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 15ක්වත් පාර්ලිමේන්තුවේ නොමැති බවත් ඔවුන්ගේ පැමිණීම සලකුණු කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකළයුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

ජවිපෙ 1988-89 කාලයේ සිය ජාතියේම මිනිසුන් මරාදැමූ බවත් තමන් කිසි දිනක තම ජාතියේ මිනිසුන් මරා නොදැමූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පාපිස්සන්ට 2029 විශ්‍රාම වැටුපත් නැතිව ගෙදර යෑමට සිදුවන දැන් හොරකම් කර මුදලක් එකතු කරගත හොත් එවිට යම් ව්‍යාපාරයක් කර ජීවත් විය හැකි බවද අර්චුන් රාමනාදන් සඳහන් කරයි.

අද (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *