ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කර තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (08) මෙම තීන්දුව ගෙන තිබේ.
එසේ ම පක්ෂයේ වැඩ බලන ලේකම්වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා තේරි පත් විය.
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබිණි.