තමන් පාවිච්චි කරන වාහනයට වඩා අඩු පහසුකම් සහිත වාහන ඇමැතිවරයා භාවිත කරනවාට නිලධාරින්ගේ කැමැත්තක් නැතැයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
“අමාත්‍යාංශවල වැඩ බාර ගෙන අපට වැඩ කරන්න වාහනයක් හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ වෙලා තියෙන්නෙ. අපිට වෙන් කරලා තියෙන වාහන ඉන්ධන ලීටරයට කිලෝමීටර් දෙකයි තුනයි දුවන්න පුළුවන්.
අනෙක නිලධාරින් පාවිච්චි කරන වාහනයට වඩා අඩු පහසුකම් ඇති වාහන ඇමැතිවරයා පාවිචිචි කරනවාට නිලධාරින්ගේ කැමැත්තක් නෑ. ඉදිරියේ කවදා හෝ දිනක එය ප්‍රශ්නයක් වෙයි කියල ඒ අය හිතනවා ඇති. ඒ නිසා තමයි අපිට ගැළපෙන වාහනයක් හොයා ගන්න බැරිව තිබෙන්නෙ.
කොහොම හරි දැන් මගේ කැබ් එකට සමාන වාහනයක් මම හොයා ගෙන ඒක තමයි පාවිච්චි කරන්නෙ. මම ඇමැතිකම බාර ගෙනත් දින දෙක තුනක් පරණ කැබ් එකම අතින් තෙල් ගහගෙන පාවිචිචි කළා. අපි විශ්වාස කරනවා ජනතාවට නැති වරප්‍රසාද ඔවුන්ගේ නියෝජිතයන් වන මැති ඇමැතිවරුන්ට අවශ්‍ය නෑ කියලා.”
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයාා මේ බව පවසා තිබේ.