අනේකවිධ අර්බුදවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට තව දුරටත් නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශනවල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.
නීතිය හා සාමය අමාත්‍යවරයාගේ නාටක සෙල්ලම් නිසා රටේ ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්වන බව කී රුවන් විජයවර්ධන, තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගමික සහජිවනය නැති කිරීමට උත්සාහ කරන මහ මොළකරුවන් කවුරුන් දැයි කඩිනමින් රටට හෙළි කළ යුතු බව ද ප්‍රකාශ කළේය.
බියගම පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන කීවෙි ජනතාව බුද්ධිමත් නිසා දැන් ආණ්ඩුව පෙන්වන නාටක බලා ජනතාව කලබල නොවන නමුත් ජනතාවට ඇත්ත කීමට ආණ්ඩුවට යුතුකමක් පවතින බවයි.