ඇමැතිකමින් පැන්නුවත් කමිටුව විසුරුවන්නේ නෑ….! – රොෂාන් රණසිංහ….

November 6, 2023 at 5:51 pm | by emanisa.lk

තමන්ට අමාත්‍ය ධූරය ලැබුණේ හොරකමට වංචාවට එරෙහිව දියත් කළ අරගලයෙන් අනතුරුව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හොරු කල්ලියක ග්‍රහනයට නතුව ඇති බවත් රට වෙනුවෙන් ක්‍රීඩා කළ අයට ක්‍රිකට් පරිපාලනයට පැමිණීමට හැකි වන ආකාරයට එහි ව්‍යවස්ථාව වෙනස් කරන බවත් හෙතෙම කීය.

තමන්ට මැතිවරණයකට තරඟ කොට ජයගත හැකි වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන නිලවරණය ජයගත නොහැකි බව මුත්තයියා මුරලිදරන් මෙන් ම චමින්ද වාස් ද පවසා ඇති බව ද ඉදිරි මාස අට ඇතුළත එය වෙනස් කරන බව ද හෙතෙම කීය.

තම වැඩපිළිවෙළ වැරදි නම් ජනාධිපතිවරයාට තමන් ඇමැති ධූරයෙන් ඉවත් කළ හැකි බවත් ඇමැති ධූරයෙන් නෙරපුවත් කමිටුව ඉවත් නොකරන බවත් ඇමති රොෂාන් රණසිංහ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *