ඇමරිකාව ඉරානයට-ඊශ්‍රායල් යුද්දයේ පැටලෙයි…. ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට ප්‍රහාරයක්…!

June 22, 2025 at 9:43 am | by emanisa.lk

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි.

තම ටෲත් සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ෆෝර්දෝ, නතාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට මෙසේ ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එම ගුවන් යානා මේ වන විට ඉරාන ගුවන් කලාපයෙන් බැහැරව ආරක්ෂිතව ආපසු එමින් සිටින බවයි.

ඇමරිකානු රණ විරුවන්ට තම සුබ පැතුම් එක් කරන බවත් ලොව වෙනත් කිසිදු හමුදාවකට මෙවන් ප්‍රහාරයක් එල්ල කළ නොහැකි බවත් සඳහන් කර ඇති ඇමරිකානු ජනාධිපතිවරයා දැන් සාමයට කාලය එළඹ ඇති බවත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *