ඇමරිකාව ඔවුන්නේ තීරණ ගන්නා විට අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
“ඇමරිකාව ඇමරිකාවේ දේශපාලන තීරණයක් අරන් තියෙනවා. දැන් ඒකට අපි අපේ ප‍්‍රතිචාර දක්වන්න ඕන. එහෙම කියල ඇමරිකාවට යුද්ධ ප්‍රකාශ කරන්න අපට බෑ.
අපි අපේ ආර්ථිකය ආරක්ෂා කරන්න ඕන. එහෙනම් අපේ ආර්ථික ආරක්ෂා කරගන්න අසල්වාසී ඉන්දියාවෙ උදවු ඕන.
ඉන්දියාවේ ජනගහනයත් එක්ක ඉන්දියාවේ ආර්ථිකයෙන් අපට සීයට එකක් විවෘත වෙනවා කියන්නේ අපට ලොකු අවස්ථවක්. ඇමරිකාව ඇමරිකාවේ තීරණ ගන්නකොට අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගන්න ඕන.”
ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.