ඇමරිකාව ආසියාවේ අඩුම බද්ද ගැහුවේ ලංකාවට…. විපක්ෂේ ඒකට කැමති නෑ…! – නි. ඇමති ටී.බී. සරත්…

July 31, 2025 at 3:17 pm | by emanisa.lk

ඇමරිකාව ලංකාවට පනවා ඇති 30%ක බද්ද ආසියානු රටකට පනවා ඇති අඩුම බදු ප්‍රතිශතය බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

ඇමරිකාව ලංකාවට බදු සහන ලබා දීමට විපක්ෂය අකමැති බවත් ඇමරිකාව 44%ක බද්දක් ලංකාවට පනවනවා නම් විපක්ෂය ඊට කැමති බවත් හෙතෙම සඳහන් කරයි.

ඇමරිකාව බදු පැනවූ අවස්ථාවේ රටේ ජනාධිපතිකම ලැබුණා සේ සජිත් ප්‍රේමදාස සතුටු වූ බව ද ටී.බී. සරත් ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *