ඇමරිකාවෙන් ඉන්දියාවට වඩා බදු සහනයක් නොලැබුණොත් අපි පරාදයි…! – හර්ෂ ද සිල්වා….

July 7, 2025 at 9:37 am | by emanisa.lk

ඇමෙරිකා එක්සත් ජනපදය එළැඹෙන 9 වන දා සිට පනවන අන්‍යොන්‍ය තීරුබදු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවම බදු ප්‍රතිශතයක් ලබාගැනීම අත්‍යවශ්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු තීරු බදු සියයට 44ක් බවත් ඉන්දියාවට සියයට 26ක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකාව එම ඇමෙරිකන් තීරු බදුවල ප්‍රතිශතය අවම කරගත්තත් එය ඉන්දියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමග තරගකාරී නොවන්නේ නම් ගැටලුකාරී තත්ත්වයක් උදාවන බව ඔහු කියයි.

ඇමෙරිකාවෙන් පනවන අන්‍යොන්‍ය බදු ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට අඩු වුවහොත් නිශ්ඵල වන බවත් හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

මෙම ඇමෙරිකානු අන්‍යොන්‍ය බදු ගැන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් සාර්ථක කරගත නොහැකි වුවහොත් අපගේ රට පරාද බව ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *