ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාවට පැනවූ 30% තීරු බද්ද සඳහා ප්‍රතිචාර ලෙස ඇමරිකාව මත පනවන තීරුබදු ඉහළ දැමීමට කිසිදු සූදානමක් නැතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ලංකාවට පැනවූ තීරු බදු පිළිබඳ ලිපියෙහි දක්වා ඇත්තේ, ප්‍රතිචාරයක් ලෙස ලංකාව ද ඇමරිකාවට තීරු බදු ඉහළ දැමුවහොත් මෙම 30% බදු ප්‍රමාණය තවත් ඉහළ යනු ඇති බවය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී දුමින්ද හුලංගමුව මේ බව පැවැසීය.