ඇමරිකානු බදු ගැන ග්‍රීන් ලයිට් එකක් ලැබුණා… ඒක දැනට රහසක්….! – ඇමති වසන්ත සමරසිංහ…

July 6, 2025 at 12:10 pm | by emanisa.lk

ලොව පුරා රටවල් 17ක් ඇමරිකානු බදු පිළිබඳ එරට සමග සාකච්ඡා කොට ඇති අතර ඇතැම් රටවල් සමග ඇමරිකාව යම් යම් එකඟතාවලට පැමිණ ඇති බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ශ්‍රී ලංකාව ද ඇමරිකානු බලධාරීන් සමග මෙම නව බදු පිළිබඳ සාකච්ඡා වට 8ක් පවත්වා ඇති බවත් එමගින් යම් යහපත් ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවට ද කොළ එළියක් ලැබී ඇති බව ද එය සාකච්ඡා අවසන් වන තුරු හෙළි කළ නොහැකි බව ද අවසාන එකඟතා දෙරට විසින් එළිදැක්වීමට කටයුතු කරන බව ද ඇමති සමරසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *