අද උදෑසන අවදි වන විට ඇමරිකාව ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් පනවා ඇතැයි දැනගත් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
මොකක්ද මේ අමරිකානු අලුත් තීරු බද්ද Reciprocal Tarrif
උදේම නැගිටිනකොට දැනගත්ත News එක තමයි අමරිකාව ලංකාවට 44%ක තීරු බද්දක් දාල කියන පුවත.
මේ ක්‍රියාවට හේතුව අමරිකානු ජනාධිපතිතුමා ඉතා හොදනි පැහැදිලි කරනවා. ඒ කතාව අහන්නම ඕනේ හැමෝම, ඒ කතාවෙ පැහැදිලි කරනවා මෙතක් කල් ලෝකය පුංචි රටවල් වලට දීපු උපදෙස් අමරිකාවට පාරාවල්ලක් වුන ආකාරය හා අදින් පසු අමරිකාව සිය දේශීය කර්මාන්ත හා පුරවැසියන් ආරක්ෂා කරගන්න ජාත්‍යන්තර වෙළෙදාමට මැදිහත්වීමක් කරන ආකාරය. ලංකාවට පූර්ණ නිර්භාධ වෙළෙඳපොළ කියල දුන්න ආර්ථික විද්වතුන්ට ලොකු අභියෝගයක් තියෙනවා දැන් අමරිකාවට විරුද්ධව තර්ක ගොඩනගන්න.
මේ අලුත් බද්ද බැලූ බැල්මට පේන්නෙ එක් එක් රටවල් ඇමරිකාවෙ භාණ්ඩ වලට ගහල තියන බදු ප්‍රතිශතයෙන් හරි අඩක් ඇමරිකාව ගහනවා වගේ,ඒක හරිම සාධාරණ දෙයක් ඒ නිසා අනෙක් රටවල් තම බදු ඉවත්කරගන්න කියන වගේ දෙයක්. සාමාන්‍යයෙන් බුකියේ හැමදේම ගැන ලියන අයට ඒක මුලින්ම ඒ වගේ පෙනිම වරදක් ණෑ. නමුත් ඒක ඇත්ත නොවේ
මේ බද්ද හදන්න අමරිකාව එක උපකල්පනයක් කරන්වා ඒ තමයි වෙන රටවල් සමඟ තියන සෘණ වෙළෙද ශේෂයට හේතුව බදු හා බදු නොවන සම්බාධක කියල, ඒකට විසදුම තීරු බදු වැඩිකරන එක කියල ඒක පාර්ශවීය විසදුමකට ඇවිල්ල
ඒ නිසා ලංකාව අදාලව 88% හැදෙන්න බදු මතම නේමේ, අපි හා අමරිකාව අතර තින වෙළඳ හිඟය මත. මේ වෙනකොට වෙළෙද ශේෂය $ බිලියන 2.6ක් ඒක අපනයන ප්‍රමානය $බි 3න් බෙදුවම 88% එනවා.
ඉතින් මේ පදනමම විශාල ගැටළුවක්, නමුත් මේ පිළිබඳ අවදානය ලංකාවෙ රජය පහුගිය මාසය පුරාවට යොමු කරල තියෙන්නෙ. විදේශ කටයුතු, වෙළෙඳ, කර්මාන්ත හා මුදල් අමාත්‍යාංශය හා අපනයකරුවන් හා අමරිකානු කොමසාරිස් කාර්‍යාලය මේ පිළිබඳ ගතයුතු ඉදිරි මැදිහත්වීම්වලට යොමුවෙලා තියෙනවා.
මේ බද්ද එක් එක් රට සමඟ සාකච්ඡා කරල කරපු දෙයක් නෙමේ, සාකච්ඡා ආර්ම්භ කරන්න කරපු උපායමාර්ගික දෙයක් ලෙස තමයි බලන්න වෙන්නෙ.
මේක දේශපාලනික දෙයක් නෙමේ රටක් විදිහට මුහුන දෙමු.