ඇමරිකානු බදු අඩු කිරීමේ ගෞරවය ජනපති අනුරට හිමි විය යුතුයි…! – ආචාර්ය හර්ෂ ද සිල්වා…

August 1, 2025 at 12:28 pm | by emanisa.lk

ඇමරිකානු තීරු බදු අඩු කිරීම පිළිබඳ දේශපාලන වෙනස්කම් පසෙක ලා සතුටු වන බවත් දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ සඳහා තිරය ඉදිරියේ සිට සහ තිරිය පිටුපස සිට වෙහෙස වූ සියලු දෙනාට ස්තූති කරන බවත් ජනාධිපති අනුර දිසානායකට ද එහි ගෞරවය හිමි විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

විපක්ෂය කිසිදු අවස්ථාවක මෙම ගැටලුව දේශපාලනීකරණය කොට කකුලෙන් නො ඇද්ද බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා, ඇමරිකානු බද්ද 20% දක්වා අඩු කිරීමත් සමග රටට නැවත යම් වාසිදායක පසුබිමක් නිර්මාණය වී ඇති බවත් පෙන්වා දෙයි.

අද (01) මාධ්‍ය හමුවක් අමතමින් හර්ෂ ද සිල්වා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *