තීරු බදු සම්බන්ධයෙන් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සකච්ඡාවල සාර්ථකත්වය ඇමරිකාව විසින් මෙරටට පැනවූ 44%ක තීරු බදු 30% දක්වා අඩුකර ගැනීමට හැකි වීමෙන් පැහැදිලි වන බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
ඔහු සඳහන් කරන්නේ තව දුරටත් එම බදු අඩුකර ගැනීම වෙනුවෙන් ද්විපාර්ශ්වික සාකච්ජා අඛණ්ඩව පවත්වා ගෙන යන අතර කලාපය තුළ මෙන්ම ලෝකය තුළ ද එම බදු පිළිබඳ සාකච්ඡා කොට ඉහළම අඩු වීමක් ලබා ගත් රටක් ලෙස ලංකාව හඳුනා ගෙන ඇති බවයි.
ඊයේ (10) ඒ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසුවේය.
ඒ අනුව 44%ක්ව පැවති තීරු බද්ද 30%ක් දක්වා අඩු වීම මෙම කලාපය තුළ පවතින තරඟකාරීවය සමඟ ශ්‍රී ලංකාව ලා ජයග්‍රහණයක් බවද සූරියප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
මෙම තීරු බදු ක්‍රියාත්මක වීම අගෝස්තු 01 වෙනිදා දක්වා කාලය තිබෙන හෙයින් මෙම කාලය තුළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ජා කර ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි සූරියප්පෙරුම මහතා එහි දී කියා සිටියේ.