ඇමරිකානු ගැති ආණ්ඩුව අඩු මිල රුසියානු තෙල්වලට පයින් ගැහුවා…ඉන්ධන අර්බුදයක් ආවේ ඒකයි…! – ආචාර්ය චන්න ජයසුමන…

March 15, 2026 at 7:00 pm | by emanisa.lk

මේ වන විට රටේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මූලික හේතුව ඉරාන යුද්ධය නොව ආණ්ඩුවේ බටහිර ඇමරිකානුගැති ප්‍රතිපත්තිය බව සර්වජන බලය උප සභාපති, හිටපු අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

රුසියාව ඉදිරිපත් වූ අවස්ථාවේ ඔවුන්ගෙන් සමග එකඟතාවකට පැමිණියේ නම් සහන මිලට පොහොර සහ ඛනිජ තෙල් අඛණ්ඩව මිලට ලබා ගැනීමට හැකියාව ලැබෙන නමුත් ආණ්ඩුවේ ඇමරිකානු ගැතිකම නිසා එම අනගි අවස්ථාව නොසලකා හැරි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

දින කිහිපයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා සම්බාධක ලිහිල් කළ පසු විදේශ ඇමති විජිත හේරත් තෙල් පොහොර ඉල්ලාගෙන දිව ගියද දැන් ඊට ඉතාමත් ප්‍රමාද වැඩි බව ආචාර්ය ජයසුමන ප්‍රකාශ කරයි.

එහෙත් මෙම පියවර මෙයට පෙර ගෙන තිබිණි නම් තෙල් අර්බුදයක් පැමිණ QR කේත හඳුන්වා දෙන තත්ත්වයට රට පත් නොවන බවද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *