ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බදු පනවා ඇතත් එය අඩුකර ගැනීමට ඔට්ටු වෙමින් සිටින බව වාරිමාර්ග නියෝජ්‍ය ඇමති සුසිල් රණසිංහ සඳහන් කරයි.
වර්තමාන ලෝක ආර්ථිකය අනුව ඇමරිකාවට ශ්‍රී ලංකාව ද ඕනෑ බව ද ශ්‍රී ලංකාවටත් ඇමරිකාව ඕනෑ බව ද හෙතෙම කියා සිටියි.
ලංකාව ආර්ථික වශයෙන් හිස ඔසවමින් සිටින බවත් ඒ තත්ත්වය ඇමරිකාවට පහදා දී පවතින බදු අනුපාතයන් තවත් පහළ දමා ගැනීම සඳහා රජයේ කණ්ඩායම් මේ වන විටත් ඇමරිකාවේ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශ විසින් සංවිධානය කරන ලද උත්සව සභාවක් අමතමින් නි. ඇමතිවරයා මේ බව සඳහන් කළේය.