පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි පූර්ණ පරීක්ෂාවක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එම වෙබ් අඩවිය භාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව පරීක්ෂා කිරීමේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් සඳහන්ව තිබූ ආචාර්ය පදවියක් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමේදී සභානායක කාර්යාලය විසින් එවා තිබුණු ලිපියක තොරතුරු අනුව අධිකරණ අමාත්‍යවරයාගේ නමට ඉදිරියෙන් ආචාර්ය උපාධියක් සඳහන් කර ඇතැයි කියැවෙන අතර හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර්ය උපාධියක් ගැන සඳහන් කරමින් ලිපියක් භාරදී නොමැති බවත් සඳහන්ය.
මීට අමතරව තවත් ඇමතිවරයෙක්ගේ නමට ද ඔහුට නොමැති ආචාර්ය තනතුරක් අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් කර තිබීමක් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ තොරතුරු සංසරණය වන අතර මේ වන විට එය ද සකස් කර තිබේ.