රාජ්‍ය ව්‍යාපාර පහක ලාභාංශ රුපියල් මිලියන 757ක් මහා භාණ්ඩාගාරයට භාර දීම කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් මෙසේ භාර දී තිබේ.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර සහ නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.