ඇමති හඳුන්නෙත්ති වළක් කපා ගෙන වැළලුණා නම් මීට හොඳයි…! – චරිත් අබේසිංහ..

July 13, 2025 at 7:18 pm | by emanisa.lk

ජාත්‍යන්තර ඉදිරියට ගොස් තමන්ගේ දැනුම ලෝකයටම ප්‍රදර්ශනය කොට පැමිණි සුනිල් හඳුන්නෙත්ති සිය කතාව විකෘති කළේ යැයි ප්‍රකාශ නොකොට වළක් කපාගෙන වැළලුණා නම් හොඳ යැයි චරිත් අබේසිංහ පවසයි.

“මම නම් කියන්නේ සුනිල් හඳුන්නෙත්ති මීට හොඳයි වළක් කපා ගෙන තමන් වළලා ගත්තා නම්. අනික් මිනිස්සුන්ට අවඥාවෙන් හිනාවෙවී දෝෂාරෝපණය කරලා විහිළුවට ලක් කළා. එක්කෝ තමන්ගේ භාෂාවෙන් කතා කරමින් පරිවර්තකයෙක් ගන්න ඕන.

එහෙම නැතිව අනික් එක්කෙනා මොනවා ඇහුවත් කොලේක ලියාගෙන ගිහින් තමන්ගේ නමයි, මගේ රටේ බියුෆුල් පීපල් වගේ ඒවා නොකියා රට අවමානයට ලක් නොකර එන්න තිබුණා.

ඒක කරලා ඇවිල්ලත් කට වහගෙන ඉන්නේ නෑ. ඇවිත් කියනවා එයාගේ කතාව විකෘති කරලා ලු අනික් මිනිස්සු. තමන්ගේ තරම ජාත්‍යන්තරයට ගිහින් පෙන්නලා ඇවිත් ඒ අශූචි වළ වහගන්නත් කතා කරනවා.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති world economic forum සඳහා එකතු වීම නිසා ඇති වූ ආන්දෝලනය පිළිබඳ අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *