ඇමති වටගල කෙහෙල් ගහට කොටයි… බිලියනයක් වන්දි ඉල්ලා නාමල්ගෙන් එන්තරවාසි…!

September 10, 2025 at 4:51 pm | by Namal

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එන්තරවාසියක් යොමු කර තිබේ.

නාමල් රාජපක්ෂට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කරනු ලැබූ අපහාසාත්මක සහ ද්වේෂ සහගත ප්‍රකාශයක් නිසා නාමල් රාජපක්ෂගේ කීර්ති නාමයට ඉතා විශාල හානියක් සිදුවී ඇති බව පවසමින්, රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලමින් මෙම එන්තරවාසිය යොමු කිරීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.

දින 14ක් තුළ අදාළ මුදල ගෙවන ලෙසත්, එසේ නොමැති නම් නඩු පවරන බවත් අදාළ එන්තරවාසිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *