ඇමති නලින්ද වගකීමෙන් කියන්නේ බොරු… සුප්‍රීම්සැට් තියෙන තැන මෙන්න…! – ගම්මන්පිල මාධ්‍ය හමුවක…

August 18, 2025 at 2:48 pm | by Namal

සුප්‍රීම් සැට් නමින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයේ නොමැති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල පවසයි.

එසේම ඇමතිවරයා කී පරිදි චන්ද්‍රිකා පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයයට අනුබද්ධිත ආයතනය ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය නොව අභ්‍යවකාශ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය බව ද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාලයට ගොස් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන www.unoosa.org වෙබ් අඩවියට ගොස් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව දැනට අභ්‍යවකාශයේ තිබෙන බව තහවුරු කරගත හැකි බව ද උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

මෙහි දී වැදගත් වන්නේ අදාළ චන්ද්‍රිකාව රාජපක්ෂ කුමාරයන්ගේ ආශාව සංසිදු වීම සඳහා රජයේ මහජන මුදලින් යැවූ බවට දශකයකට අධික කාලයක් සමාජගත කළේ බොරුවක් බව අගමැතිනි හරිනි අමරසූරිය සංඛ්‍යා දත්ත සහිතව තහවුරු කිරීම බව ද ඔහු සඳහන් කරයි.

සිය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස