ඇමති කුමාර ජයකොඩි අවුරුදු 30කට කලිනුත් හොරෙක්… ටෙලිකොම් එකට ඇතුල් වෙන එකත් තහනම් කළා…! – නලීන් බණ්ඩාර…

April 11, 2026 at 11:39 am | by emanisa.lk

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි දැන් පමණක් නොව අවුරුදු 30කට පෙරද සොරකම් කොට දණ්ඩනයට ලක්වූවෙකු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එකල සිදු කළ වංචාවක් නිසා කුමාර ජයකොඩිට හිමි ටෙලිකොම් ආයතනයට පිවිසීමට ලබාදුන් පිවිසුම්පතද අවලංගු කළ බවයි. මෙම සිද්ධිය බොරු නම් ඊට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කරන ලෙසද ඔහු කුමාර ජයකොඩිට අභියෝග කළේය.

එලෙස හොරකම් කළ අයකුට මෙවැනි අවස්ථාවක් ලබාදුන් විට උප පැන නොගහා සිටීදැයි ඔහු ප්‍රශ්න කරයි.

තමා මෙය ප්‍රකාශ නොකර සිටීමට සිතා සිටියද ඇමති කුමාර ජයකොඩි තමන්ට එරෙහි විශ්වාසභංග විවාදයේදී ඉතාම පාරිශුද්ධ අයකු ලෙස සිදුකළ ප්‍රකාශය නිසා මෙය කීමට සිදුවන බවද නලීන් බණ්ඩාර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *