බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි ඉංජිනේරුවෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින බවට සමාජ මාධ්‍යවල චෝදනා නඟන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැතයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
ඇමති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවට දුන් තොරතුරුවල සඳහන් වන්නේ තමන් ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු (engineering undergraduate) බව හිටපු ඔහු ප්‍රකාශ කරයි.
එහෙයින් අදාළ ඇමතිවරයා අසත්‍යයක් ප්‍රකාශ කළේ යැයි චෝදනා කිරීම නිවැරදි නොවන බව ද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි.
ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් මහින්ද දේශප්‍රිය මේ බව කීය.