ඇමති ආනන්ද විජේපාල පොලිසියෙන් නෙරපූ හිටපු ත්‍රස්තවාදියෙක්…! – චාමර සම්පත්..

October 24, 2025 at 7:36 am | by emanisa.lk

වර්තමාන පොලිසිය භාර ඇමතිවරයා පොලිසියෙන් නෙරපා දැමූ හිටපු ත්‍රස්තවාදියෙකු බව පාර්ලිමේන්තුව මන්ත්‍රී චාමර සම්පත් පවසයි.

“ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූවා. එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්, ඇමති විජේපාලගේ ජීවිත කතාව ගැන ද කතා කරන්නත් පුළුවන්. ආනන්ද විජේපාල මහතා 1988 වසරේදී එස්.අයි. කෙනෙක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණත් එයා පුහුණුව ලබමින් සිටි කාලයේදී, බුද්ධි වාර්තා සහ CID වාර්තා මත පදනම්ව පොලිසියෙන් නෙරපා හැරලා තියනවා.

ආනන්ද විජේපාල පොලිසියෙන් නෙරපා හැරීමට හේතුව සන්නද්ධ අංශයේ නායකයෙක් හැටියට කටයුතු කිරීමයි. ඔයා “සන්නද්ධ අංශයේ නායකයෙක්” නැත්නම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කරලා තමයි ඔබතුමා පොලිසියෙන් නෙරපුවේ.

සීඅයිඩී වාර්තාවක් සහ බුද්ධි වාර්තාවක් අනුව පොලිසියෙන් නෙරපා හැරිය කෙනෙක් අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන, පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිස් ඇමතිවරයා.
රටේ මිනිසුන් මෙම කරුණ නොදැන සිටියද, ගල්ගමුව, අම්බන්පොළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිසුන් සියලු දෙනාම මෙම තොරතුරු දන්නවා.”

පාර්ලිමේන්තුව මන්ත්‍රී චාමර සම්පත් මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *