මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ සහෝදරයෙකු වන කේ.එස්.එම්. පියසේන දිසානායක අද (15) දින සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහගල්කඩවල ප්‍රදේශයේදීය. මොහු මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා මහගල්කඩවල පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ පැවැති උත්සවයකට සහභාගී වී යතුරුපැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මහගල්කඩවල වංගුව අසල නවතා තිබූ ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.