රජයේ ඇතැම් ඇමතිවරුන් ආගමික නායකත්වය අපහාසයට ලක් කරමින් සිදු කරන ප්‍රකාශ හෙළා දැකිය යුතු බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමා පවසයි.
රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ නැඹුරුවක් පවතින බවද එතුමා පෙන්වා දෙයි.
යුරෝපීය රටවල් ආගම ධර්මය පහත් කරමින් ආගමක් නැති ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට උත්සාහ කිරීම නිසා අද එම සමාජයන් දැඩි ලෙස පිරිහී ඇති බවත් එවැනි විනාශකාරී මාවතක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් බවත් කාදිනල්තුමා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දින සැමරුම් දේව මෙහෙයට එක්වෙමින් මේ බව අවධාරණය කළ අගරදගුරුතුමා තවදුරටත් කියා සිටියේ මෙරට දේශපාලන නායකයින් කොපමණ පොරොන්දු දුන්නද ජනතාව තවමත් සිටින්නේ ඉතා අවදානම් අඩියක බවයි.
නිදහස ලැබූ අවධියේ විදේශීය නායකත්වය ඉවත් කර මෙරට පාලනය දේශීය නායකත්වයට පැවරුණද, විදේශීය නීති රීති, සම්ප්‍රදායන් සහ ආර්ථික ගමන් මග එලෙසම ක්‍රියාත්මක වන බව එතුමා සිහිපත් කරයි.