ඇමතිට අධි චෝදනා ගොනු වුණාම ඉල්ලා අස්විය යුතුයි…. විපක්ෂේ බල කරන කල් ඉන්න ඕන න නෑ…!

March 31, 2026 at 1:41 pm | by emanisa.lk

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වූ බව අමාත්‍යවරුන්ම මේ වන විට පිළිගෙන ඇති නමුත්, එම පාඩුව විඳීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“රජයම පිළිගන්නවා ගෙන්වූ ගල් අඟුරු බාල බව. බඩු බාල නම් එහි වගකීම රජය භාරගත යුතුයි. නමුත් අද වෙලා තියෙන්නේ ඒ පාඩුව පියවා ගැනීමට ජනතාව මත බදු බර පැටවීමයි. මෙය කොතරම් දුරට සාධාරණද? ජනතා විමුක්ති පෙරමුණ බලයට එනකොට කිව්වේ ඔවුන් ළඟ හොරකම් කරපු හෝ චෝදනා තියෙන කවුරුත් නැහැ කියලා. හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනු කරලා තියෙනවා. යම් ඇමතිවරයකුට එරෙහිව මෙවැනි බරපතළ චෝදනා ඉදිරිපත් වූ විට, විපක්ෂය බලකරන තෙක් සිටිය යුතු නැහැ. සදාචාරාත්මකව ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.”

කොළඹදී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *