බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
එහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඔහු එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.
ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසල දී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (06) අනතුරක් සිදුවිය.
අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පදවා ඇති බවය.
ඒ අනුව බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදු කිරීමේ චෝදනා මත පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
නීති වරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැරියේ පෙරේදා (05)ය.