හෙට දිනයේ විදුලිය කැපීම පැය 6ක උපරිමයක් දක්වා අඩු කර තිබේ.
මේ අනුව PQRSTUVW යන කලාප සඳහා උදෑසන 10 සිට සවස 4 දක්වා පැය දෙකක කාලයක් ද සවස 4 සිට රාත්රී 12 දක්වා පැය 4 ක කාලයක් ද විදුලි සැපයුම නතර කරන බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි.
එමෙන්ම ABCDEFGHIJKL යන කලාපවලට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි සැපයුම නතර කරන අතර සවස 5.30 සිට රාත්රී 11.30 දක්වා පැය 3 ක කාලයක් විදුලි සැපයුම නතර කරන බව එම කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.