ඇන්ටිජන් හොරු සුනාමි හොරු වගේ මේ ආණ්ඩුව හොරා කන්නේ නෑ..! – ඕමල්පේ සෝභිත හිමි

December 13, 2025 at 4:01 pm | by emanisa.lk

මේ ව්‍යසනය අවස්ථාවේ රජයට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ආධාර හොර පාරේ නොවන බවට තමන්ට විශ්වාසයක් ඇතැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

සුනාමි අවස්ථාවේ මෙන්ම කොවිඩ් වසංගතය අවස්ථාවේ ද විශාල වංචා දූෂණ වූ බව තමන් දන්නා බවත් එහිමියන් ප්‍රකාශ කරයි.

ඇන්ටිජන් කට්ටලවලින් පවා විශාල මුදලක් ගසා කෑ බවට සෝභිත හිමි චෝදනා කරයි. එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ කිසිදු වංචාවක් දූෂණයක් සිදුනොවන බවට තමන්ට දැඩි විශ්වාසයක් ඇතැයි සෝභිත හිමි අවධාරණය කරයි.

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි සැමරුම් උලෙළකට එකතු වෙමින් දේශනයක සිදුකරමින් සෝභිත හිමි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *