ඉතිහාසයේ පළමු වතාවට කතානායකට විරුද්ධව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් අල්ලස් කොමිසමට ගොස් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.
“පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට නි. මහ ලේකම්වරයෙක් කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට ගිහින් තියෙනවා. මේක කියන්නේ youtubeකාරයෙක්වත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන වීරයෙක් නෙමෙයි.
නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම. පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්න ආ අය නේද මේ. තමුන්නාන්සෙලා වේදිකාවක් ගාණේ කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාර කෑමක් කන්නේ මේ කැන්ටිම වහන්න ඕන කියලා.
පාර්ලිමේන්තුවේ කැන්ටිම වහන්න ආ ඇවිත් පාර්ලිමේන්තුවේ කතානායක කාමරේ දෙන්නෙක් කනවා. එක බිලට දාලා දෙන්නෙක් කනවලු. හිඟන්නොවත් කරන්නේ නෑ මේ වගේ වැඩ.”
හර්ෂණ රාජකරුණා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමිනි.