ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ මහ මොළකරු මාට්ටුයි….!

October 27, 2024 at 10:50 am | by emanisa.lk

ආරුගම්බේ දී ඊශ්‍රාල ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුමේ මහ මොළකරු කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම ප්‍රහාර සැලසුමට සැකපිට අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයාටත්, මාලදිවයින් ජාතිකයාටත් තවත් අයකු ඇමතුමක් ලබා දී ප්‍රහාරයට අදාළව යම් සහයක් අවශ්‍ය නම් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ලබාගත හැකි බව පවසා තිබේ.

මෙම සැකකරුවන් එම ජාවාරම්කරු සමඟ සාකච්ඡා කොට ඇති අතර ඔවුන් හමුවූවාදැයි තවමත් තහවුරු වී නැත. කෙසේ වුවද අදාළ ජාවාරම්කරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට සහ පලස්තීනයට ප්‍රහාර එල්ල කර ගාසා තීරය විනාශ කිරීමත්, එසේම හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමත්ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *