ආර්ථික මර්මස්ථාන විකුණං කනවා කියල, සෞභාග්‍ය යේ දැක්මේ තියෙන්නේ කොතන ද..? – රාජ්‍ය ඇමැති…

December 19, 2021 at 2:04 pm | by emanisa.lk

රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දමන බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ කොතැන දැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රශ්න කරයි.

එදා ජනාධිපතිවරණ වේදිකාවේ තම කඳවුර ප්‍රකාශ කළේ, පසුගිය ආණ්ඩුව විකුණා දැමූ රාජ්‍ය දේපළ ද නැවත පවරා ගන්නා බව යැයි රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව සොයා බැලිය යුත්තේ කැබිනට් සාමුහික වගකීම කඩකළේ ද යන්න නොව ආණ්ඩුව ජනතාවට වූ වගකීම කඩ කළේ කවුද යන්න බව ද විදුර වික්‍රමනායක අවධාරණය කරයි.

හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ අයිතිය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින් ලබා දී ඇති බවත් මැති ඇමැතිවරුන් වගකිව යුත්තේ ජනතාවට සහ රටට බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *