ආර්ථිකය පමණක් නොව ප්රජාතන්ත්රීය ආකෘතිය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවක් ද දැන් පැන නැගී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
“අපිට මේ රටේ ප්රජාතන්ත්රවාදය වැදගත්. ආණ්ඩු වෙනස් කරන්න පුළුවන්. ජනාධිපතිවරු වෙනස් කරන්න පුළුවන්. පත්කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. අන්න ඒක කරන්න පුළුවන් ආකෘතිය දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්න ඕනේ. අපේ රටේ සමහරු නොදැන කරන්න යන්නේ මෙන්න මේ ආකෘතිය විනාශ කරන එක.
ඒ නිසා මේ ජනාධිපතිවරණයේ දී අපි ඉතාම පැහැදිලිව කියනවා මෙතැනදී තෝරා ගැනීම් දෙකක් ඇවිත් තිබෙනවා. එකක් තමයි ඒ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අලුත් දේශපාලන නායකතත්වයක්, කණ්ඩායමක් වැඩපිළිවෙළක් තෝරන්න ඕනේ. ඒ සඳහා සමඟි ජන බලවේගයේ පමණයි ශක්තිමත් නායකත්වයක් ශක්තිමත් වැඩසටහනක්, ශක්තිමත් කණ්ඩායමක් ඉන්නේ. ඒක පලමු තෝරා ගැනීම.
දෙවෙනි තෝරාගැනීමකුත් දැන් එමින් තිබෙනවා. ප්රජාතන්ත්රීය ආකෘතිය ආරක්ෂා කරන්න සජිත්ව පත්කරන්න අවශ්‍යයි. ඒ නිසා ආර්ථිකය රැකගැනීමයි, ප්රජාතන්ත්රවාදය රැකගැනීමයි කියන අභියෝග දෙකක අප හමුවේ දැන් මතුවෙමින් තිබෙනවා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගත් දේශපාලනය අපි ඉදිරියට ගෙනියනවා.”
මහාචාර්ය චරිත හේරත් මේ බව ප්‍රකාශ කළේ අද (13) පැවැති සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේදීය.