ආර්ථිකය ගැන කතා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක් දිනලා එන්න…! – නි. ඇමති චතුරංග අබේසිංහ…

March 12, 2025 at 9:23 am | by emanisa.lk

ව්‍යවසායකත්වය ගැන කතා කරන විපක්ෂයේ දේශපාලනඥයන් ජාතික ජන බලවේගය බලය ඇල්ලූ ක්‍රමය ගැන අධ්‍යනය කර ඉගෙනගත යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“සමහර ව්‍යවසායකයො හිතන් ඉන්නවා ව්‍යවසායකත්වය කියන්නෙ ලාබ ලබන කර්මාන්තයක් කිරීම, ලාබ ලබන ව්‍යාපාරයක් කිරීම කියලා. ඒ වගේම ඒගොල්ලො හිතන් ඉන්නවා එහෙම ලාබ ලබන ව්‍යාපාරයක් කළාම ඒ විදියට දේශපාලනයත් කරන්න පුළුවන් කියලා. ඉතින් දේශපාලනය කියන්නෙත් ව්‍යවසායකත්වයක් තමයි.

ඉතින් ඒ කියන සමහර ව්‍යවසායකත්ව දේශපාලනඥයින්ට කියන්න තියෙන්නෙ, බලන්න පොඩ්ඩක් ඉගෙන ගන්න ජාතික ජන බලවේගය කොහොමද ගොඩනැඟුණෙ, මොකක්ද මාකට් එකේ තිබුණ ගැප් එක, ඒ ගැප් එක හොයාගෙන කොහොමද කණ්ඩායමක් විදියට සමස්ත ඉතිරි තරගකරුවන් ඔක්කොම පරද්දලා රටේ බලය අත්පත් කරගත්තෙ? ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නෙ. ඒ නිසා රටේ ව්‍යවසායකත්වය ගැන, ආර්ථික ව්‍යවසායකත්වය ගැන කතා කරන්න කලින් ඉතින් ප්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න පුළුවන් වෙන්න ඕනෙ.”

චතුරංග අබේසිංහ මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *