ආරක්ෂාව ඉල්ලන්නේ පාතාළේ එක්ක සම්බන්ධ මන්ත්‍රීලා..! – ලක්ෂ්මන් නිපුණආරච්චි…

February 24, 2025 at 5:41 pm | by emanisa.lk

පාතාළ කල්ලි අතර ගැටුම් ඇති වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් කුමටදැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රශ්න කරයි.

තමා පිළියන්දල හන්දියේ තනියම ඇවිදින බවත් පාතාළය සමග තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

පාතාළ ගැටුම්වල දී දේශපාලකයන් බියට පත්වන්නේ නම් එමගින් ඔවුන් පාතාළය සමග සම්බන්ධ බව ඔප්පු කරන බවයි, ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළේ.

අද (24) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *