ආරක්ෂාවක් නෑ… ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී රාජකාරියෙන් ඉවතට….!

March 14, 2025 at 11:29 am | by emanisa.lk

ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මාර්තු 14 දින රාත්‍රියේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

ග්‍රාම නිලධාරිනියන් රාජකාරියේ යෙදෙන ජනශුන්‍ය හා අනාරක්ෂිත යැයි හැගෙන ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දමන බව ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග ප්‍රකාශ කරයි.

සිය ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට සුදානම් වන බව ද ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *