ආරක්ෂක වියදම් අඩු කරලා ඇමතිවරු උදම් අනනවා… පාතාළයෝ උසාවි ගිහින් විනිසුරු ඉදිරියේ මිනී මරනවා…! – නාමල් රාජපක්ෂ…

February 19, 2025 at 3:22 pm | by emanisa.lk

ජාතික ආරක්ෂාවට අඩුවෙන්ම මුදල් වෙන් කළ බවත් දැන් කිසිදු ප්‍රශ්නයක් නැති නිසා ඕනෑම අයෙකුට පයින් ගමන් කළ හැකි බවත් ඊයේ රජයේ ඇමතිවරියක් ප්‍රකාශ කළ බව නාමල් රාජපක්ෂ පවසයි.

එහෙත් අද දිනයේ මිද්දේණියේ කුඩා දරුවන් දෙනෙකු ඇතුළු තිදෙනෙක් ද කොච්චිකඩේ උසාවියේ නඩුකාරතුමිය ඉදිරියේ තවත් ඝාතනයක් ද සිදුව ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

පසුගියදා මන්නාරම උසාවිය අසල සිදුවූ ඝාතනය අද කොළඹ උසාවිය තුළට පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කරයි.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු නොකළහොත් රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ආයෝජන කැඳවීම හෝ සංචාරක කර්මාන්තය නැංවීම කිසිදු දිනයක කළ නොහැකි බව ද නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *