මේ වන විට රු. 25 000 බැගින් වන ආපදා සහනය සියයට අනූවකට වඩා ගෙවා අවසන් බව කම්කරු නි. ඇමති මහින්ද ජයසිංහ පවසයි.
යම් යම් ගැටලු ඇති ස්ථානවල සුළු පිරිසකට මෙතෙක් අදාළ මුදල ගෙවීමට නොහැකි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වුව ද දෙසැම්බර් 31ට පෙර රු. 25 000, රු. 50 000, වියළි ආහාර දීමනාව, දරුවන්ට ලබා දෙන රු. 15000 සහ ජනාධිපති අරමුදලින් ලබා දෙන රු. 10 000 ද ජනතාවට ලබා දීම සිය බලාපොරොත්තුව බව ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.