අයහපත් කාලගුණික තත්ත්වය සමග ඇති වූ ආපදාවලට ගොදුරු වී අද උදෑසන වන විට මරණ 123ක් මේ වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පුද්ගලයින් 130ක් අතුරුදන්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (29) උදෑසන 9ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.
මේ වන විට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 102,877ක පුද්ගලයින් 373,428 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. එමෙන්ම පවුල් 13,690කට අදාළව පුද්ගලයින් 43,925කු මේ වන විට ආරක්ෂිත ස්ථාන 488ක රැඳී සිටී.