මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි නාහිමිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ද එහිදී පිරිනමන ලදී.
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීය බවත් ඊට සිය ආශීර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු මෙහිදී පැවසූහ.
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති මහවෙල රතනපාල නායක හිමියන්, ස්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ආචාර්ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමියන් සහ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන ප්‍රදීප් නිලමේ නිලංග දෑල අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙලෙස ජනාධිපතිවරයා හමු වූහ.
ජනතාව නැවත පදිංචි කිරීම් කටයුතුවලදී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙහිදී දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනු ලැබීය.