ආනයනිත ලුණු මිල ඇඟට දැනෙන ගාණකින් පහළට…!

June 27, 2025 at 9:45 am | by emanisa.lk

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාව අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිලට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම සමග ප්‍රමාණවත් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු කැට කිලෝවක් රු. 180ක උපරිම සිල්ලර මිලකට ද ලුණු කුඩු කිලෝවක් රු. 240ක උපරිම සිල්ලකර මිලකට ද ලුණු කුඩු ග්රෑම් 400 රු.120ක උපරිම සිල්ලර මිලකට අලෙවි කරන බව එම සංගමය ප්‍රකාශ කරයි.

ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවද ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය වැඩි දුරටත් පවසයි. මේ වන විට වෙළඳපොළේ ලුනු කිලෝව රු. 350-400ක මිළ ගණන් යටතේ අලෙවි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *