ආණ්ඩු මාරුවෙන් වෙනස්කම් දෙකක් වුණා… V8 ගිය අය දැන් ඩබ්ල් කැබ් එකේ යනවා… 60-70ක් කෑව පාර්ලිමේන්තුවේ දැන් 160ක් කනවා…! – දිළුම් අමුණුගම….

December 7, 2024 at 12:29 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව තුළ සිදුව ඇති වෙනස නම් V8 එකේ ගිය අය ඩබල් කැබ් එකේ යාම සහ වෙනදාට වඩා පාර්ලිමේන්තුවෙන් කන පිරිස වැඩි වීම පමණක් බව සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පවසයි.

“සර්ව ජන බලය කියන්නේ, පදක්ක්කම කියන්නේ බ්‍රෑන්ඩ් නිව් පක්ෂයක්. ඒ බ්‍රෑන්ඩ් නිව් පක්ෂය දවස 30ක ජන්දයකට මුහුණ දීලා පාර්ලිමේන්තු අසුනක් ලබාගෙන අපි අපේ නායකතුමා ඒකට පත්කරලා පහුගිය සතිය වෙනකොට අපේ සංවිධායක සමුළුව පවත්වලා මේ වෙනකොට පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් යනවා.

පක්ෂේ බ්‍රෑන්ඩ් වුණාට රීකන්ඩිෂන් කෑලි දෙක තුනකුත් තියෙනවා අපි වගේ. නමුත් ඉතින් බඩු හොඳයි. තාමත් හොඳට දුවනවා. මේ ආණ්ඩුවටත් අපේ ආණ්ඩුවට කරපු වැඩේ කෙරුවොත් ආපහු පෝලිම්වල ලගින්න වෙන්නේ ඔය ජන්දේ දීපු අයටම තමයි. ආණ්ඩුවත් බ්‍රෑන්ඩ් නිව් නිසා අපි තාම ගහන්න යන්නේ නැහැ.

හැබැයි අපි පෙන්වා දෙනවා ආණ්ඩුවටත් මේක නිවැරදි කරගන්න පුළුවන් නම්, ජනතාවටත් අපි පෙන්වා දෙනවා සුපුරුදු පරිදි නැවතත් මුලාවෙලා ඡන්දේ දීලා සුපුරුදු තත්ත්වය අනුවම යනවා. මොකක්ද දැන් වෙනස් වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේ අපි හිටියනේ. ඒ ආණ්ඩුව කරපු දේවල්වලින් අද වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද?

V8 එකේ ගිය අය ඩබල් කැබ් එකේ යනවා. ඒක හොඳයි කියමුකෝ. පාර්ලිමේන්තුවෙන් කන ගාන වැඩිවෙලා තියෙනවනේ. ඉස්සර පාර්ලිමේන්තුවේ කෑවේ 60-70ක්. දැන් 160ක් අනිවාර්යයෙන් උදේටත් කනවා. දවල්ටත් කනවා. 160 ප්ලස්. හැමදාම පිගන් 10ක් 12කුත් බිඳෙනවා.”

සර්වජන බලය මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *