ආණ්ඩුව හරියට වැඩ කළා නම් විදෙස් රටවලින් සංචාරක අනතුරු ඇඟවීම් නිවේදන නෑ…! – කාංචන…

October 24, 2024 at 5:20 pm | by emanisa.lk

ආරුගම් ප්‍රදේශයේදී ඊශ්‍රායල සංචාරකයන්ට එල්ල විය හැකි තර්ජන පිළිබඳව ඔක්තෝබර් 07 වැනිදා තොරතුරු ලැබුණ ද වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ඊයේ වන තුරු කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් කනගාටු වන බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් කාංචන විජේසේකර ප්‍රකාශ කර ඇත්තේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය කිසි විටෙක සැහැල්ලුවට නොගත යුතු බවත් සංචාරක කර්මාන්තය රටේ වැදගත්ම ආදායම් මාර්ගයක් බවයි.

රජයට තොරතුරු ලැබී තිබිණි නම් එය වළක්වා ගැනීමට පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුම්වත් කළේ නම් එම රටවල් නිකුත් කළ සංචාරක උපදේශන අනතුරු ඇඟවීම වළක්වාගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වාදෙයි.

ආණ්ඩුව අවම වශයෙන් දැන්වත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් කැඳවා, ගෙන ඇති පියවර පිළිබඳව ඔවුන් දැනුම්වත් කර ශ්‍රී ලංකාව පිළිබඳ අනතුරුදායක සංචාරක උපදේශන දැන්වීම් ඉවත් කරලීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *