කුරුණෑගල මහ නගර සභාවේ බලය අත්පත් කරගැනීමට ජාතික ජන බලවේගය ඊයේ (17) සමත් විය.
ඒ, රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රී අශාර්දීන් මොහිනුදීන්ගේ සහයෝගය ලබාගනිමිනි.
නගරාධිපති ධුරය සඳහා පැවති රහස් ඡන්දයේදී ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද 12ක් ද සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 10ක් ද ලැබී තිබිණි.
ඒ අනුව ජාතික ජන බලවේගයේ ආනන්ද සහබන්දු නගරාධිපති ධුරයට පත්වූ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අශාර්දීන් මොහිනුදීන් නියෝජ්‍ය නගරාධිපති වශයෙන් ඡන්දයෙන් පත්විය.