පොහොර වංචාවේ මෙන්ම සිය ගජ මිතුරෙකුට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි.
අදාළ ටෙන්ඩරය සඳහා සති හයක කාලයක් ටෙන්ඩර්කරුවන්ට ලබා දිය යුතු වුවද එය මාස එකහමාරක් පමා ඉදිරිපත් සති තුනකින් ටෙන්ඩරය වසා දමන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙය සිය ගජ මිතුරෙකුට ටෙන්ඩරය ලබා දීම සඳහා සිදුකරන මහා වංචාවක් බවත් ඊට අත්සන් කළ නොහැකි බව ප්‍රකාශ කරමින් දින ගණනාවක් සැඟව සිටි ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා අද ඉල්ලා අස්වීම ලබා දී ඇති බව ද ඩී.වී. චානක අනාවරණය කරයි.
අද (21) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
මෙය ඩොලර් බිලියනයක වඩා වටින බරපතළ දූෂණයක් බවත් එය වගකීමෙන් සිදුකරන ප්‍රකාශයක් දැයි අජිත් පී. පෙරේරා විමසා සිටියේය. එහි දී ඩී.වී. චානක අදාළ ගනුදෙනුව සඳහා අනුමැතිය ලබා ගත් ගැසට් පත්‍රය සභාගත කළේය.