වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව එහි විරුද්ධවාදීන් පවසන ආකාරයට බොරු කියන්නේ නම් ඔවුන් සතුටු විය යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය දියුණු වීමත් සමග බොරුවෙන් ආණ්ඩු කිරීම පහසු නොවන බවත් ඒවා නිරතුරුව සුපරික්ෂණයට ලක් වන බවත්ය.
මහජන සුපරික්ෂණයෙන් ගැලවීමට රාජපක්ෂ ආණ්ඩුවට රට ගලවා ගැනීම ආදී තිර තිබුණ ද වර්තමාන ආණ්ඩුවට එවැන්නක් නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.
එහෙත් පිරිසිදු පාලනයක් ඇති කිරීමට පැමිණි වර්තමාන ආණ්ඩුවට එවැනි නිදහසට කරුණු කිව නොහැකි අතර එය සාධනීය දෙයක් බව ද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි.
සිය youtube නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.